Slide # 1

NEED FOR SPEED RIVALS ® නොමිලේ

මේක Need For Speed ක්‍රීඩා මාලාවේ අලුත්ම එළිදැක්වීම..''RIVALS'' තමයි නම.. මේ ක්‍රීඩාව Action හා Racing කියන කොටසට තමයි අයත් වෙන්නේ Read More

Slide # 2

Desktop එක ලස්සන කරගමු

හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ දැකල දැකලම වින්ඩෝස් 7 වල Default View එක එපා වෙලාද? එහෙනම් පොඩ්ඩක් බැලුවනම් ඔය උඩ තියන පින්තූරය දිහා :D හොදයිද? Read More

Slide # 3

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ Read More

Slide # 4

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි Read More

Slide # 5

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ Read More

Saturday, February 9, 2013

ලොව වටා CCTV හැක් කරමු



ඔන්න ඉතින් තව පොඩි කුප්පියක් අරගෙන ආවා.. පොඩි කුප්පියක් කිව්වට මේකෙත් අමුතුම ගතියක් තියනවා.. මොකෝ කියන්නේ ඕනෑම කෙනෙකුට ලෝකේ වටේ තියන CCTV ගෙදර ඉදන්ම බලන්න පුළුවන් චාන්ස් එකක් දෙනවා කිව්වොත්... ම්ම්ම්ම් එහෙමද ආස.. :D ලොලේ ලොල් කියල එහෙනම් අද කුප්පියෙන් දෙන්න යන්නේ එක එක තැන්වල තියන CCTV වලින් බලන්නේ කොහොමද කියලයි.. ඈ ඈ .. එතකොට ආව හිනාව නේද.. ඇති ඇති පැණි හිනාව.. යාපනේ ඉදලා හම්බන්තොටට පේනවා.. :D හරි එහෙනම් මෙන්න මෙහෙමලු වෙන්නේ හරිද.. මේක වෙන්නේ ඔන්ලයින් හොදද.. නැතුව ඉතින් Live CCTV අහවල් විදිහට බලන්නද නේද ... :D 

බීච් වල, හොටෙල් වල, රෙස්ටෝරන්ට් වල, මහා පාරවල්වල, පාක් වල, නයිට් ක්ලබ් වල(ත් ඇති :D) එහෙම තියන CCTV,LiveCam විවිධ ආරක්ෂක හා වෙනත් හේතු උඩ සජීවීව අන්තර්ජාලයට යොමු කරලා තියනවා.. ඔන්න අපි කොරන්ට හදන්නේ අන්න එව්වට හොම්බ දාන එකයි... අනුන්ගේ එව්වට හොම්බ දාද්දීත් අමුතුම පාට පාට ගතියක් තියනවනේ.. :D එහෙනම් වැඩේ පටන්ගමු නේද ? 

දැනට ඉතින් ලංකාවේ කියල CCTV තියෙන්නේ කොලොම්පුරේ විතරනේ.. තව ඉස්සරහට මුළු ලංකාවේම වැඩ කෑලි ගෙදර ඉදලම බලාගන්න පුළුවන් වේවි..

මෙන්න මෙතන කොටන්න.. Search Result එකින් එක බලන්නකෝ.. එක එක CCTV හම්බ වෙයි..

එහෙම නැතිනම් අපේ සයිබර් දෙයියා ගූගල් ගොයියා වෙතට ගිහින් පහල තියන ටික කොටන්න.. එතකොට එන Result වලින් තියෙන්නේ ඔය කලින් කිව්ව CCTV තමා.. පොඩ්ඩක් කරක් ගහල හොයාගන්න පුළුවන් අවශ්‍ය දේවල්... (මමනම් දන්නේ නෑ මොනවද කියලා) 

මෙන්න තියනවා කොටන්න ඕන ටික..
inurl:view/index:shtml

හරි එහෙනම් ඔන්න ඒ කුප්පියත් ඉවර කළා හොදේ.. ඉතාමත් ඉක්මනට තවත් ආස හිතෙන මේ වගේම එල ලිපියකින් සෙට් වෙමු ඈ..

එහෙනම්..
ඔබට ජය වේවා..!!

Friday, February 8, 2013

"Android Root කිරීම යනු" පරිසමාප්ත අර්ථ දැක්වීම


ඔන්න එහෙනම් අදත් තවත් කුප්පියක් දාන්න හදන්නේ.. අද ඉදන් ඉදිරියට Android Rooting / Custom Rom ගැනත් ටිකක් කතාකරන්න තමයි හිතන් ඉන්නේ.. අද තමා ඔන්න මුලින්ම පටන්ගන්නේ.. නොදන්නා අයට ප්‍රශ්නයක් ඇති මොකක්ද මේ Root කරනවා කියන්නේ කියලා..
Root කරනවා කියන්නේ ඉතින් Android උපාංගයේ සම්පූර්ණ බලය අපි අතට ගන්නවා කියන එක තමයි.. මොකද අලුතින් ගන්න Android උපාංගයේ සම්පූර්ණ බලය අපිට නැහැ.. තව ටිකක් පැහැදිලි වෙයි පහල තියන ටික බැලුවාම..

Root කිරීමේ වාසි
*Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම
*යම්තාක් දුරට ක්‍රියාකාරිත්වය වැඩි වීම 
*Super User බලතල ලැබීම
*කලින් නොහැකි වූ සියලුම මෘදුකාංග ස්ථාපනය කරවීමේ හැකියාව 
*නවතම Android මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරිමේ හැකියාව 
*System එක තුල අවශ්‍ය සියලුම වෙනස්කම් සිදුකිරීමේ හැකියාව
*මෘදුකාංග සිත්සේ බාහිර මතක චිපයට ස්ථාපනය කල හැකි වීම
*Themes, Calenders වැනිදේ සංස්කරණය කිරීමේ හැකියාව
*බැටරි ආයු කාලය සහ බලය වැඩි වීම
*Boot Screen සහ Animation වෙනස් කිරීමේ ඇති හැකියාව
*නිල නොවන Android සංස්කරණ ස්ථාපනය කිරීමේ හැකියාව


Root කිරීමේ අවාසි
*උපාංගයේ වගකීම් කාලය අහෝසි වීම
*සමහර උපාංග වලට නිල යාවත්කාලීන හැකියාව නැතිවී යාම
*නොගැලපෙන ස්ථිරාංග(Firmware) දැමීමෙන් උපාංගයේ වේගය අඩු වීම
*උපාංගය නිවැරදිව Root නොකලොත් අනවශ්‍ය පරිදි ක්‍රියාකාරකම් සිදුවීම(ඔබගේ අනුදැනුමකින් තොරව)

.............මෙහි අඩංගු නොවූ කරුණුද ඇත.............

Android සංස්කරණ වල පරිනාමනය 

Android 1.0 
Android 1.5 (Cupcake)
Android 1.6 (Donut)
Android 2.0/2.1 (Eclair)
Android 2.2 (Froyo)
Android 2.3 (Gingerbread)
Android 3.0 (Honeycomb)
Android 4.0 (Ice Cream Sandwich)
Android 4.1 (Jelly Bean)





තවද ඔබගේ Android උපාංගය නිසිපරිදි Root නොකිරීමෙන් එය "BRICK" යන තත්වයට, එනම් කිසිවක් කල නොහැකි තත්වයට පත්වීමට පවා ඉඩකඩ ඇත. 
එමනිසා ඔබ Android සදහා නවකයෙක්නම් Root කිරීමේදී ඔබ එය නිසිපරිදි කරන්නේද යන්න පිලිබදව මනා අවබෝධයකින් යුතුව මෙය සිදුකරන්න. 

ඉදිරියේදී විවිධ Android උපාංග Root කිරීම හා නිල නොවන සංස්කරණ (Custom Rom) ස්ථාපනය කිරීම පිලිබදව සාකච්චා කිරීමට බලාපොරොත්තුවක් තිබේ. එමනිසා ඔබට යම් උපාංගයක් Root කිරීම හෝ ඒ ආශ්‍රිතව දැනගැනීමට අවශ්‍යනම් එහි මාදිලිය සමග කමෙන්ටුවක් යොදන්න.. එවිට එම උපාංගය ආශ්‍රිත තොරතුරු අප විසින් ලබාදීමට කටයුතු කල හැක..

ඉක්මනටම තවත් අලුත් කුප්පියකින් හමුවෙමු..
එහෙනම්..
ඔබට ජය වේවා..!!

Monday, February 4, 2013

පරිගණක අත්වැල Android App එක නිකුත් වුනා



ඔන්න ඉතින් අදත් ටිකක් හැපී දවසක් කියමුකෝ බලන්න... මොකෝ දන්නවද..? ඔන්න ටිකක් මහන්සි වෙලා හැදුවා අපේ පරිගණක අත්වැලට Android Application එකක්.. ඔන්න ඕක තමා මේ ටිකේ පෝස්ට් එහෙම අඩු වෙන්න හේතුව.. ටිකක් අඩුපාඩු එහෙම ඇති ගණන් ගන්න එපා හොදද.. ඉස්සරහට අප්ඩේට් එහෙම දාලා ඇදලා හදලා ගමු නේද? මේ Application එකේ විස්තර එහෙම පොඩ්ඩක් බලමුකෝ බලන්න...

ඉස්සෙල්ලාම කියන්න පුළුවන් මේක 100%ක්ම SK, ඒ කියන්නේ මගේ වැඩක් කියලා.. SKගේ කියන්නේ ඉතින් ඔයාලගේ කියන එකම තමා..



මේකේ Developing වැඩ ටිකත් ඔක්කොම Skගේම තමා ඉතින්..


ඔන්න අප්ඩේට් කර කර දුක් විදින්න දේකුත් නැහැ කියමුකෝ. මේක 100%ක්ම Auto Update වෙනවා.. ඒක නිසා මම මෙහෙන් Update කරපු ගමන්ම ඔයාලගෙත් අප්ඩේට් වෙනවා..


මේකේ Interface එක මෙන්න මේ පහල තියනවා වගේ..



(අප්ඩේට් වලදී මේක තවත් අලුත් වෙනවා.. වැඩ කෑලි එහෙම වැඩි වෙනවා.)

එක පාරින්ම ෆේස්බුකියට Share කරන්නත් පුළුවන්..


ඔන්න තවත් එල පහසුකමක් දීලා තියනවා.. කෙලින්ම පරිගණක අත්වැලට E-Mail කරන්නත් පුළුවන්.. ඔය තියෙන්නේ පහල.. බලන්නකෝ..


ඔන්න ඉතින් දැනට මේ කතාව පොඩ්ඩකට නවත්තමු.. මොකද ඉස්සරහට IOS,Symbian,Java,Windows Mobile කියන මාදිලි වලටත් මේක හදන්න තමයි හිතන් ඉන්නේ.. එතකොට හැමෝටම හොදයිනේ.. ඔන්න ඉතින් අද 65 වන නිදහස් දවසනේ.. එහෙම කිව්වට SK ඉන්නෙනම් සිරිලංකාවේ නෙමෙයි දැන්.. ඒ වුනාට ඉතින් නිදහසනම් සමරනවා...  ඒක නිසා හැමෝටම අභිමානවත් නිදහස් දිනයක් වේවා කිව්වා ඈ.. :D එහෙනම් දැනට කුප්පියට පොඩි බ්රේක් එකක් දෙමු ඉස්සරහට Continue කරන බලාපොරොත්තුවෙන්.. 

පරිගණක අත්වැල Android App එක නොමිලේ මෙතනින් ගන්න.

එහෙනම්..
ඔබට ජය වේවා..!!